සුමංගල ජාතික පාසලට, පළාත් ශූරතාවයෙන් ජාතික ශූරතාවයට…🏆🏆🏆🔊

පලාත් ශූරතාවයෙන් ජාතික ශූරතාවයට🏆🏆🏆🔊

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟ 2022(ටයිකොන්ඩෝ )

මෙවර සමස්ත ලංකා ටයිකොන්ඩෝ තරඟාවලිය 2022/10/21,22,23 යන තෙදින කෑගලු විද්‍යාලයේදී පැවැත්වින. එහිදී මධ්‍යම පලාත් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී සුමංගල ජාතිල පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සහභාගි විය

එහිදී

රන් පදක්කම් 2ක්
රිදී පදක්ක්ම් 3ක්
සහ ලෝකඩ පදක්කම් 4ක් ජයග්‍රහණ කිරීමට
අප පාසලේ සුමගුල් දූ පුතුන් සමත්විය

එහිදී ශ්‍රී සුමංගල ජාතික පාසලටත් ,වලපනේ අධ්‍යාපන කලාපයටත් ,මධ්‍යම පලාතටත් ගෞරවක් ගෙන දෙමින්

16-18 බාලිකා වයස් සීමාවේ බාලිකා ශූරතාවයත්
18-20 වයස් සීමාවේ අනුශූරතාවයත්
සමග
සමස්ථ බාලිකා ශූරතාවය ජයග්‍රහණය කිරීමට අප පාසල සමත් විය..🏆❤

එම ජයග්‍රහණ ලබා ගැනීමට මා හට සහයෝගය ලබා දුන් පාසලේ විදුහල්පති තුමාට ක්‍රීඩා අංශයේ Danushka , Roshan, Rajitha යන ගුරු මහත්මාවන්ට ගණිත අංශයේ පාලිත ධනපාල, දමින්ද මහත්මාවන් ,එදත් අදත් පාසල වෙනුවෙන් පෙනී සිටින Ravimal Asanka Gunarathna මහත්මා හටත් , විශේෂ ස්තූතිය පුදකරමි

ඒවගේම
පුහුණු කිරීමේදී හා තරඟාවලිය පුරා සහයෝගය ලබාදුන් Prasanna Rathnayaka , Bhanuka , Sachintha Rukshan සහෝදරයන් හටද මාගේ විශේෂ ස්තූතිය පුදකරමි ❤🙏🙏

ඉසුරු දර්ශන
පාසල් ක්‍රීඩා පුහුණුකරු

About

ශ්‍රී සුමංගල ජාතික පාසල වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු....!




Sri Sumangala College,Nildandahinna-Nuwara Eliya.




 ssssssssssssssssnnnnnnnnnnn

About

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya

http://www.facebook.com/sumangalanz
http://www.sumangalans.wordpress.com

Mission :

නොනැවතී ඉදිරියට….. …. … .. … .. .


Description :

 ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.

ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.

ක්‍රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ’1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ අතර මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 30ක් පමණ විය.

අතීතයේ සිට මේ (1864-2015)  දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.(මෑත කාලයේ දී නම් නව බුදු මැදුරක් ඉදි කරවා ඇත)

වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසල සතුව,ශ්‍රවනාගාර දෙකක්,පරිඝනක මධ්‍යස්ථානයක්,මහින්දෝදය විද්‍යාගාරයක්,නවතම පුස්තකාලයක්,සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සදහා අති නවීන විද්‍යාගාර දෙකක්,සිසු නේවාසිකාගාර පෙළක් හා නුවර එළිය දිස්ත්‍රික්කයටම පාසල් තුනකට වෙන් කෙරුණු තාක්ෂණික විෂයයන් සදහා කඩිනමින් ඉදිවෙන තෙමහලකින් ද සමන්විතය. ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2800ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 100ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල “නොනැවතී ඉදිරියට” යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.

 තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක.
                    සැකසුම : W.M.N චින්තක ( 2012 AL )    

               mother 2                        

 

Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal. 

As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school.

At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka.

English Translate by: Kesh hasaranga weerawarna from D.S Senanayake college,Colombo

ශ්‍රී සුමංගල ජාතික පාසල් ලාංජනය
Sri Sumangala National School,badge

306246_2962551870530_1463601135_31959981_957261247_n

නොනැවතී ඉදිරියට……

ශ්‍රී සුමංගල ජාතික පාසල, “පාසල් ගීතය”
Sri Sumangala College,School Song

Sumangala N.C 450

සැරදේ විදුහල් මව අභිමානෙන්
ආලෝකය අප අතර සැදූ
සිප්සත කිරි දී අප දැඩි කරවා
මිනිසුන් කරවන ලොවට පොදූ
සැරදේ අප මාතා…..//

වටවී උස් කදු පෙරමුණ රමණී
අපගේ ගත සිත නිතර සදා
විද්‍යාවේ එළියට පණ ගන්වා
සිතුවිළි සමුදා කරණ උදා
සැරදේ අප විදුහල් මාතා
සැරදේ අප මාතා….//

දෑ කුළඹේ අප බැමි සිද බිද දා
සමගිය අත්වැල් ගන්වාලා
ඔබගේ උණුසුම අතරින් පිබිදී
පා ඔසවමු ජය භූමි කරා
සැරදේ අප විදුහල් මාතා
සැරදේ අප මාතා………

           

DSC_0457

ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.

 

          ශ්‍රී සුමංගල විද්‍යාලය-පාසල් ප්‍රතිඥාව           

Sri Sumangala National College, School affirmation


Sumangala N.C 452

Sri Sumangala National College, School affirmation

වලපනේ ප්‍රදේශයට

මිණි පහනක් බදු වූ

ශ්‍රී සුමංගල පාසල් මෑණියණී

බාධක මැඩ පෙරට යාම

අප උපතින් ලද උරුමයයි

“අපි නොනැවතී ඉදිරියට යන්නෙමු”

පරිසරය දෙස ආදරයෙන් බැලීමටත්

එය සුරැකීමටත්

අපි පොරොන්දු වෙමු

අපි නොනැවතී ඉදිරියට යන්නෙමු….!


        එදා මෙදා තුර සුමුගුල් මෑණියන් ජාතික පාසලක් දක්වා පැමිණි  

          මාර්ගයේ, ගෞරවණීය විද්‍යාලාධිපතිවරුන්……

    Sri Sumangala National School,Old  Principals

 01. A.D ඉෂඩ් සිරිවර්ධන මයා.

02. මීගස්දෙණිය මහත්මිය.

03. වැරැල්ලගම මහත්මිය.

04. E.V.P අබේසිංහ මයා.

05. රත්නායක මයා.

06. බර්නාඩ් මයා.

07. සෙනෙවිරත්න මයා.

08. විල්සන් බණ්ඩාරනායක මයා.

09. එදිරිසූරිය මයා.

10. සුමතිපාල මයා.

11. සෝමරත්න ධනපාල මයා.

12. වික්‍රමසිංහ මයා.

13. සුගතපාල හේරත් මයා.

14. ආරියවංශ මයා.

15. විජේසිංහ මයා.

16. ගුණරත්න බණ්ඩාර මයා.

17. වෛද්‍යසේකර මයා.

18. M. නන්දසේන මයා.

19. W.P දයාරත්න මයා.

20. H.B රත්නායක මයා.

21. උපුල් බණ්ඩාර මයා.

22. U.B දිසානායක මයා.

23. අ.පඤ්ඤානන්ද හිමි.

24. පියදාස කරදගොල්ල මයා.

25. K.P.W ගුණසේන මයා.

26. C.P.H කුමාරිහාමී මිය.

27නවරත්න ගුරුපියාණන්. 

                28. කපිල අත්තනායක මයා.(වර්තමාන)


2011 වර්ෂය වන විට ශ්‍රී සුමංගල ජාතික පාසල තුළ සිටි විද්වත් ගුරු මඩුල්ල

   Teachers in 2011 year

snc

Sri Sumangala National School,Teachers

             ශ්‍රී  සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.

     Sri Sumangala National School,Nildandahinna-Nuwara Eliya.

ssssssssssssssssnnnnnnnnnnn

   සැකසුම:           W.M.N චින්තක   2012 AL         

               ශාලික ධනපාල  2012 AL



සොදුරු සුමුගුල් මාතාව
Sri Sumangala National College,Nildandahinna




ශ්‍රී සුමංගල ජාතික පාසල් නව ශ්‍රවනාගාරය,විදුහල්පති නිල කාර්යාලය හා 11 ශ්‍රේණියIMG_0207

ශ්‍රී සුමංගල ජාතික පාසල් විද්‍යාලාධිපති හා ටයිකොන්ඩෝ කණ්ඩායම හා පුහුණුකරු වන රවිමල් ගුරුපියාණන්46154_347593612014664_1604874789_n

ශ්‍රී සුමංගල විද්‍යාලය,නිල්දණ්ඩාහින්න-නුවර එළිය

1011618_651323118308377_2015392173943905235_n

19
T
hank you for watching….!

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya.

Welcome to Sri Sumangala National College,Nuwara Eliya.........!

 

මප/නු/ව ශ්‍රී සුමංගල ජාතික පාසල 2014 වර්ෂයේ අභිමානවත් 150 වන වෂරට පා තැබූ වගයි……! 1864 සිට 2014 දක්වා දිස්ත්‍රීක්කයේ මෙන් ම කලාපයේ ම ප්‍රමුඛත ම පාසලක් ලෙස, 2014 වර්ෂයට පත්ව තිබීම අතිශයින් ම සතුටට කරුණකි. ලංකාවේ ඉහලම පාසල් ගණයට අයත් වන මෙම පාසල,AB පාසල් ඝණයට අයත් වන අතර,එය ජාතික පාසලක් බවට ද  පත්ව ඇත.එය කලාපයේ ඇති එක ම ජාතික පාස ලෙස පවසනුයේ ද මහත් ආඩම්බරයෙනි. ශ්‍රී සුමංගල ජාතික පාසල් 150වන වර්ෂපූර්ණයට එක සිතින් සුභ පතන අතර,අපගේ හදවත බදු සුමුගුල් මෑණියන් රැක ගනීම සුමුගුල් ඔබ සැමගේ ම වගකීම හා යුතුකම ද වන්නේ ය.

532275_395895277184497_1231233147_n

 

 

 

306246_2962551870530_1463601135_31959981_957261247_n

 

 

Thanx for visiting us.....!

We Start our Blog today…………….

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya.ssssssssssssssssnnnnnnnnnnn

Sri Sumangala National College,Main Hall

mother 2

Sri Sumangala National College,School BadgeMother-sumangala-flag2


The best School in Sri Lanka
1

Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal.

As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school.

At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka.
www.facebook.com/sumangala93
http://www.facebook.com/Sumangalans
https://twitter.com/Sumangala5

About

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya
www.facebook.com/sumangala93
Mission

නොනැවතී ඉදිරියට….. …. … .. … .. .

Description

ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.

ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.

ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.

රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ‘1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය.

අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.

වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 85ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල “නොනැවතී ඉදිරියට” යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.

තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක.

mother 2

විද්‍යාලාධිපති: කපිල අත්තනායක මැතිතුමා1236813_458687427571948_613841253_n

1175353_458687290905295_1722352988_n

විද්‍යාලාධිපති: කපිල අත්තනායක මැතිතුමා

සැකසුම: ශාලික ධනපාල
නිලන්ත චින්තක 2012 AL